ත්‍රිරෝද රථ රියැදුරන් තරම් බැණුම් අසන වෙනත් රියදුරන් පිරිසක් මේ රටේ නැත. ඊට තරමක් ආසන්නව බැණුම් අසන්නේ ප්‍රයිවෙට් බස් රියැදුරන් කීම වැරුදි නැත. මේ රියැදුරන් දෙවර්ගයම රටේ ජනතාවගේ ඇණුම් බැණුම් වලට කොතරම් ගොදුරැ වුවද ඔවුන්ගේ සේවයද නැතුවම බැරිය. විශේෂයෙන් ත්‍රිරෝද රථ ගැන ඒවා පදවන සහ අයිතිකරැවන් ගැන වරින් වර අපට කතා කිරීමට සිදුවන්නේ එදිනෙදා ගමනාගමන ගැටලු විසඳා ගැනීමේදී ත්‍රිරෝද රථ වලින් ඉටුවන සේවයේ වටිනාකම දන්නා බැවිනි.
අපට මෙවර ත්‍රිරෝද රථ ගැන කතා කිරීමට නිමිත්ත ඉදිරියේදී පවත්වන බව කියන ඔවුන්ගේ විරෝධයකි. මේ විරෝධතාවට හේතු වී ඇත්තේ රජය මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ සඳහා නව බලපත්‍රයක් හඳුන්වාදීමයි. මෙසේ නව බලපත්‍රයක් හඳුන්වාදීමට එරෙහිව රටපුරා සියලුම ත්‍රිරෝද රථ හිමියන් ළඟදීම පාරට බස්සන බවට පසුගියදා අනතුරැ ඇඟවීමක් කර තිබුණේ ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියැදුරන්ගේ හා කර්මාන්තකරැවන්ගේ සංගමයයි.
රට පුරාම ක්‍රියාත්මක සියලුම ත්‍රිරෝද රථ හිමියන් පාරට බැස්සීම සඳහා මෙකී සංගමයට හැකියාවක් තිබේදැයි අපි නොදනිමු. මේ රටේ කිසිම කර්මාන්තයකට අදාළව වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනීම සඳහා එකම සමිතියක් හෝ සංගමයක් හෝ පවතින බවක් අපි නම් අසා නැත. කුමන වෘත්තියක්, ක්ෂේත්‍රයක් ගත්තත් ඔවුන්ට අදාළ ඉල්ලීම් එක සංගමයක් හෝ සමිතියක් හරහා හෝ ඉදිරිපත් කෙරෙනවිට තවත් සමිතියක් කියන්නේ ඔවුන් ඊට එකඟ නොවන බවය. බස් කර්මාන්තය ගත්තත් එසේමය. ත්‍රිරෝද රථ සම්බන්ධයෙන්ද එහි වෙනසක් වීමට ඉඩක් නැත. මේ නිසා රටපුරා සියලුම ත්‍රිරෝද රථ හිමිකරැවන් පාරට බස්සන කතාව පැත්තකට දමා ඊට හේතුවන කාරණා ගැන කතා කිරීම සුදුසු යැයි සිතමු.
ඉහත සංගමය ප්‍රකාශ කරන්නේ මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ වෙනුවෙන් බලපත්‍රයක් හඳුන්වාදීම අසාධාරණ තීරණයක් බවයි. එම තීරණයට විරැද්ධව ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග කිහිපයක් ගැනීමට සුදානම් බවද ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ කර්මාන්තකරැවන්ගේ සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබිණි. මේ අනුව පෙනෙන්නේ බලපත්‍රය ඔවුන් ප්‍රතික්ෂේප කරන බවය. එහි වටිනාකමක් නැතැයි ඔවුන් තීරණය කර ඇති බවය. මේ ආකාරයට අමතර ගාස්තුවක් අයකොට බලපත්‍රයක් ලබාදීම කර්මාන්තයේ කඩා වැටීම පවා හේතුවිය හැකි යැයි ඔවුහු බිය පළ කරති.
ත්‍රිරෝද රථ පාලනය කිරීමට මේ රටේ වෙනම නීති පද්ධතියක් නැත. නමුත් ත්‍රිරෝද රථ රියැදුරන් බොහෝ දෙනකුගේ ක්‍රියාකලාපයෙන් අපට පෙනී යන්නේ ඔවුන් විශාල පිරිසකට තමන්ටද බලපාන නීති රීති තිබෙන බවට අවබෝධයක් නැති වගය. තමන් පාලනය වන්නේ පොදු මාර්ග නීති පද්ධතියකට අනුව යැයි නොසිතන බවය. තම ගෙවත්තේ මිදුලේ රිය පදවන ආකාරයට ඇතැමුන් මහපාරේද තම ත්‍රිරෝද රිය එළවන්නේ එබැවිනි. නමුත් පාරේ ගමන් ගන්නා සෑම වාහනයක්සේම ත්‍රිරෝද රථද මාර්ග නීති රීති වලට යටත්ය. මේ නිසා නව බලපත්‍රයක් හඳුන්වාදීම වැරුදි යැයි කීමට කිසිවකුටත් ඉඩක් නැත. විශේෂයෙන්ම මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ සඳහා බලපත්‍රයක් හඳුන්වාදීම එම රථයේ සේවය ලබාගන්නා සෑම මගියකුගේම ආරක්ෂාව තහවුරැ කිරීමකි.
නමුත් ඉහත කී සංගමය මෙම බලපත්‍රය හඳුන්වාදීමට රජය පවසන හේතු පිළිගැනීමට සූදානම් නැත. ඔවුන් කියන්නේ රජය මේ නව බලපත්‍රය හඳුන්වාදීමට යන්නේ තදබදය වැළැක්වීම සඳහා යැයි සඳහන් කරමින් වුවද තදබදය වැළැක්වීම සඳහා ඕනෑ තරම් ක්‍රම තිබෙන බවය. එවැනි ක්‍රම තුනක් පිළිබඳවද සංගමය කියයි. වයස 25න් පහළ අයට ත්‍රිරෝද රියැදුරැ බලපත්‍රය නොදීම, රියැදුරැ බලපත්‍රය දීමෙන් පසුව ඔවුන් කිසියම් පරිවාස කාලයකට යටත් කිරීම සහ ත්‍රිරෝද රථ මිල ඉහළ දැමීම ඒ ක්‍රම තුනයි.
මෙවැනි ආකාරයට තමන් පාලනය විය යුත්තේ කෙසේද යන්න ගැන උපදෙස් පවා තමන්ම ලබාදිය හැකි තැනකට ඔවුන් පත්වූයේ කෙසේදැයි යන්න ප්‍රහේළිකාවකි. මේ ආකාරයට සෙසු වාහන රියැදුරන්ද තමන් පාලනය විය යුත්තේ කෙසේද යන්න ගැන විධාන ලබාදීමට පියවර ගතහොත් සිදුවිය හැක්කේ කුමක්ද?
මෙහිදී ත්‍රිරෝද රථ රියැදුරන් වෙනුවෙන් උක්ත සංගමය පවසන එක් කරැණක් සාධාරණ බව අපි සිතමු. ඔවුන් කියන්නේ අලුත් බලපත්‍රය සඳහා ගාස්තුවක් අය කිරීම නිසා තම කර්මාන්තය කඩා වැටෙනු ඇති බවය. නමුත් අය කිරීමට නියමිත බලපත්‍ර ගාස්තුව අප දන්නා තරමින් එතරම් විශාල මුදලක් නොවේ. එවැනි මුදලක් ගෙවීම හේතුවෙන් කිසිදු කර්මාන්තයක් කඩා වැටීමට ඉඩක් නැත. එහෙත් ඇතැම් විට දවසේ කුලිය හෝ සොයාගැනීමට අපහසු ත්‍රිරෝද රියැදුරන්ද සිටිය හැකි බැවින් බලපත්‍ර ගාස්තුව අය කිරීමේදී කිසියම් ප්‍රමිතියක් රඳවාගැනීම අවශ්‍ය යැයි අපිද සිතමු. පාරේ යන සෙසු සුඛෝපභෝගී වාහනවලට නැති බලපත්‍ර ගාස්තුවක් තමන් ගෙවිය යුත්තේ මන්දැයි ප්‍රශ්න කරන රියැදුරෝද සිටිති. නමුත් පාරේ ගමන් ගන්නා මගී ප්‍රවාහන කර්මාන්තයේ වාහන වලට පමණක් නොව සෙසුවාහන වලටද සෘජු නොවන ගාස්තු ඇතැම් විට ඉහළ ගාස්තු ගෙවීමට සිදුවන බව මේ රියැදුරන් දන්නේ නැත. මේ නිසා තමන්ට ගෙවීමට සිදුවන බලපත්‍ර ගාස්තුව පිළිබඳ නම්‍යශීලිව කටයුතු කිරීම අවශ්‍යය.
මගී ප්‍රවාහන කර්මාන්තයේදී මගීන්ගේ ජීවිත වලට උපරිම ආරක්ෂාව සැලසෙන සේ කටයුතු කළ යුතුය. ඒ සඳහා විනය ගරැක රියැදුරන් සිටීම අංක එකේ අවශ්‍යතාවයයි. විනය සම්බන්ධයෙන් කතාකරන විට බොහෝ ත්‍රිරෝද රථ රියැදුරන්ට නම් ලකුණු ලැබන්නේම නැත. එවැනි තත්ත්වයක් තිබියදී අලුතින් හඳුන්වා දීමට යන වැඩ පිළිවෙළට එරෙහි වනවාට වඩා එහි අඩුපාඩු ඇතොත් ඒවා සකසාගෙන මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීම සියලු ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වගකීම බව අපි කියමු.